ජාතික සුරක්ෂිතා දිනයට සමගාමීව නුවරඑළිය දිස්ත්‍රික් සැමරුම් උළෙල අද (26) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතාගේ මග පෙන්වීම මත නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය සංවිධානය කරන ලද මෙම වැඩසටහනේ දි 2004 වර්ෂයේ ඇතිවු සුනාමි විවසනයෙන් දිවි අහිමි වූවන්ට පින් ප්‍රාර්ථනා කර සර්ව ආගමික වතාවත් සිදු කරන ලදි.
මෙම අවස්ථාව ට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) සුජීවා බෝධිමාන්න, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිනීකා කවිසේකර, යන මහත්මින්, ආපදා කළමණාකරණ සහකාර අධ්යක්ෂ වරයා, නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් වරයා, සහකාර දිස්ත්‍රික් ලේකම් වරයා ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගි වුහ.
දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය.
නුවරඑළිය .








