පුවත් සහ සිදුවීම්

ශ්‍රී ලාංකීය සංස්කෘතික උරුමයන් ප්‍රදර්ශනය කරන සරුංගල් ගුවන් සංදර්ශනය -2024 (Sri Lanka Heritage International Air Kite Show -24 ) මැයෙන් පසුගිය 17 – 18 දෙදින නුවරඑළිය ග්‍රෙගරි වැව හතරවන අධීරයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබිණ
යුද්ධයෙන් තොර ලොවක් සඳහා පෙළ ගැසෙමු යන තේමාව පෙරටුකොට ගනිමින් මෙම සරුංගල් ගුවන් සංදර්ශනය නුවරඑළිය මහ නගර සභාව විසින් සංවිධානය කර තිබූ අතර මෙම වැඩසටහන සඳහා මාර්ගෝපදේශණය ලබා දී ඇත්තේ රාවණා ගුවන් සරුංගල් සංගමය මගිනි ,
සරුංගල් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් හැටියට සලකන යාපනය වැල්වැටි තුරේ ප්‍රදේශයේ සිට හා දිවයිනේ නම් දෙසින් සරුංගල් ක්‍රීඩාවේ නියැලී සිටින ක්‍රීඩක ක්‍රිඩිකාවන් විශාල පිරිසක් මෙම සරුංගල් ගුවන් සංදර්ශනය සඳහා සහභාගි විය ,
පළමු දින සරුංගල් නිර්මාණය කිරීමේ වැඩසටහන සහ දෙවන දිනයේ සරුංගල් ගුවන් ගත කිරීමේ ගුවන් සංදර්ශනය පැවති අතර ජයග්‍රාහී ස්ථාන දහයක් තෝරා ගෙන එහි දස වන ස්ථානයේ සිට සිව්වන ස්ථානය දක්වා මුදල් ත්‍යාගයන්ද තෙවන ස්ථානයේ සිට ප්‍රථම ස්ථානය දක්වා රුපියල් ලක්ෂ දෙකක් වටිනා වූ මවුන්ටන් බයිසිකල් ද ත්‍යාග වශයෙන් ලබාදීමට මෙහිදී කටයුතු කර තිබිණ ,
සමස්ථ තරගාවලියේ තෙවන ස්ථානය කඩුවෙල මහ නගර සභාව විසින් හිමි කරගත් අතර එහි දෙවන ස්ථානය හා ශූරතාවය යාපනය වැල්වැටිතුරේ සරුංගල් සමාජය විසින් දිනාගනු ලැබීය .
ප්‍රතමස්ථානය දිනාගත් සරුංගලය නිර්මාණය කර තිබුනේ සංඝමිත්තා තෙරුන් වහන්සේ ශ්‍රී අංකාවට වැඩම කල නැවේ ආකෘතිය වීමද සුවිශේෂී විය ,
වැඩසටහන නර්තන හා ගායන අංග රැසකින් විචිත්‍රවත් වූ අතර සහන් රන්වල බලකායේ සහ සුනිල් ශාන්ත පදනමේ සාමාජිකයන්ගේ මෙහෙයවීමෙන් නුවරඑළිය රජය හා පෞද්ගලික පාසල්වල දුවා දරුවන්ද එම සංස්කෘතික අංග සඳහා සහභාගි කර ගැනීම විශේෂත්වයකි.
දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය
නුවරඑළිය

 

456089132 820435526919772 7382880364248241262 n

456236540 820435593586432 1991509258880435384 n

456220577 820435663586425 1210845229211220194 n

456172789 820435623586429 9144006156456139715 n

456110340 820435703586421 9205802327977907363 n