පුවත් සහ සිදුවීම්

ස්වාධීන කණ්ඩායම් 08 ,ක් ඇප බදි.
===========================
මහ මැතිවරණය - 2024 ට අදාළව නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහ අද (07) දහවල් වන විට එක් ස්වාධීන කණ්ඩායමක් පමණක් නාම යෝජනා බාර දිම සිදුකර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් තෙරිම් භාර නිලධාරි, දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පැවසීය.


දිස්ත්‍රික් තෙරිම් භාර නිලධාරිවරයා තව දුරටත් සඳහන් කලේ නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහ මෙ දක්වා ස්වාධීන කණ්ඩායම් 08 ක් මහ මැතිවරණය සඳහ ඇප මුදල් තැම්පත් කර ඇති බවය.


පසුගිය 04 වන දින නාම යෝජනා භාර ගැනීම ආරම්භ කල අතර සති අන්ත නිවාඩුවෙන් පසු නැවත අද (07) පෙරවරු 8.00 ආරම්භ විය. නාම යෝජනා භාර ගැනීම එලබෙන 11 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.


නුවරඑළිය දිස්ත්‍රික්කයේ පලමු නාම යෝජනා බාර දීමේ අවස්ථාව අද (07) දින දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිවරයාගේ මූලිකත්වයෙන් පැවැති අතර නුවරඑළිය දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් ලහිරු කලුගම්පිටිය මහතා ඇතුළු පිරිසක් මේ සඳහ එක්ව සිටිහ.


දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - නුවරඑළිය

 

462222123 853412056955452 6620517216037864413 n