පුවත් සහ සිදුවීම්

×

පණිවුඩය

Invalid Page Request
2026 වර්ෂයේ නුවරඑළිය දිස්ත්රික් ලේකම් කාර්යාලයේ රාජකාරි ආරම්භය දිස්ත්රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මියගේ ප්රධානත්වයෙන් සිදු කෙරිණ.
ජාතික ධජය ඔසවා ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව මහා සංඝ රත්නයේ සහ අනෙකුත් පුජකතුමන්ලාගේ ප්රධානත්වයෙන් සෙත් පතා පිරිත් සජ්ඣායනා කිරීම ඇතුළු සර්ව ආගමික වතාවත් සිදු කරන ලදී. මෙයට සමගාමීව දිස්ත්රික් ලේකම් කාර්යලය පරිශ්රයේ දි කිරි ඉතිරවීමේ චාරිත්රය ද සිදුවිය.
ඉන් අනතුරුව දිස්ත්රික් ලේකම් කාර්යාලීය ආශ්චර්ය ශාලාවේ දි දිස්ත්රික් ලේකම් කාර්යාලීය කාර්ය මණ්ඩලය නව වසර සදහා රාජ්ය සේවා ප්රතිඥාව ලබාදීම සිදු විය.
අනතුරුව සභාව ඇමතු දිස්ත්රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය සදහන් කලේ ආපදාවෙන් පිඩාවට පත් නුවරඑළිය දිස්ත්රික් ජනතාවගේ ජිවන තත්වය තිබුණු තැනටත් වඩා ඉහලට ඔසවා තැබීමටත්, ආර්ථිකය, සමාජිය සහ යටිතල පහසුකම් ඇතුළු සියලු අංශ වලින් ඉහල ප්රගතියක් නව වසරේ අත් කර ගැනීමට සියළු දෙනාම කැපවීමෙන් කටයුතු කලයුතු බවය
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්රික් ලේකම්(පාලන) දිනිකා කවිසේකර, අතිරේක දිස්ත්රික් ලේකම් (ඉඩම්) ශාලිකා ලිඳකුඹුර ඇතුළු මාණ්ඩලික නිලධාරීන් සහ කාර්ය මණ්ඩලයේ සියලු දෙනා එක්ව සිටියහ.
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57