දිට්වා සුළිකුණාටුව හේතුවෙන් ආපදාවට ලක්වූ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාව වෙත නිමි ඇඳුම් කට්ටල ලබා දීමට ගුඩ්නේබර්ස් ජාත්‍යන්තර ආයතනය මගින් කටයුතු යොදා ඇත. එම නිමි ඇඳුම් තොගය නිල වශයෙන් භාර දීම සහ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තෝරා ගත් ජනතාව වෙත නිමි ඇඳුම් ලබාදීමේ වැඩසටහන 2026.02.12 වන දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ආශ්චර්ය ශාලාවේදී පැවැත්විණ.
දිට්වා සුළිකුණාටුව හේතුවෙන් ආපදාවට ලක්වූ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කේන්ද්‍ර කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ගුඩ්නේබර්ස් ජාත්‍යන්තර ආයතනය කටයුතු යොදමින් සිටින අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ පමණක් USD 250000 නිමි ඇඳුම් බෙදා දීමට නියමිතය.
ගුඩ්නේබර්ස් ජාත්‍යන්තර ආයතනය දකුණු කොරියාවේ සිට ලොව පුරා රටවල් 40කට අධික සංඛ්‍යාවක මානුෂීය මෙහෙවරක නිරත ආයතනයකි. එමෙන්ම ගුඩ්නේබර්ස් ජාත්‍යන්තර ආයතනය කුසගින්නෙන් තොර, ආදරයෙන් පිරි, සෑම දෙනාටම ගෞරවාන්විතව ජිවත් විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම උදෙසා එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සාමාජීය කවුන්සිලයේ (UN ECOSOC) උපදේශක තත්වය හිමි ආයතනයක් වේ.
මෙම අවස්ථාවට ගුඩ්නේබර්ස් ජාත්‍යන්තර ආයතනය නියෝජනය කරමින් Rizvi Naseer මහතා ඇතුළු කාර්ය මණ්ඩලය , නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් ( පාලන) දිනිකා කවිසේකර මහත්මිය, අතිරේක දිස්ත්‍රික් ලේකම් ( ඉඩම් ) ශාලිකා ලිදකුඹුර මහත්මිය, ඇතුළු මාණ්ඩලික නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූ අතර රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධිකාරක නිලංග මංජු මහතා මෙම වැඩසටහන සම්බන්ධීකරණය කරනු ලැබිය.




















