නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් 19 වසංගතය ව්‍යාප්ත වීම වැලැක්වීමේ දිස්ත්‍රික් කමිටුව, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ආශ්චර්ය ශාලාවේදී පැවැත්විණි.
මෙහිදි දිස්ත්‍රික්කයේ අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගන යාම සහ ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරිමේ වැඩපිළිවෙල පිළිබඳව මෙහිදි සාකච්ඡා බදුන්විය. එසේම ඉදිරියෙ දි දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීමට නියමිත කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවල පිළිබඳව ද දැනුවත් කිරීම සිදුවිය.
මෙම අවස්ථාවට ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය අමරතුංග, අතිරේක දිස්ත්‍රික් ලේකම් පි.ඒ. සරත්චන්ද්‍ර, ප්‍රාදේශීය ලේකමිවරුන් සහ නුවරඑළිය නියෝජ්‍ය පොලිස්පතිතුමා ඇතුළු උසස් පොලිස් නිළධාරින් අතුළු පිරිසක් සහභාගි වුහ.