ජාතික උරුම ප්රසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක වන කන්ද උඩරට උරුමය වෙනුවෙන් පිහිටුවා ඇති ව්‍යවස්ථාපිත මණ්ඩලය මගින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාසල්,දහම් පාසල් සහ පළාත් පාලන ආයතන වල පුස්තකාල සදහා ඓතිහාසික වටිනාකමකින් යුත් පොත් කට්ටල ලබා දීමේ වැඩසටහනක් 2022.01.19 වන දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ තෝරා ගත් පාසල් හතළිහකට, පළාත් පාලන ආයතන දොළහකට සහ දහම්පාසල් අටකට කන්ද උඩරට උරුමයට අදාල ඓතිහාසික වැදගත් කමකින් යුත් පොත් කට්ටල ලබාදීම මෙහිදී සිදුවිය.
මෙම අවස්ථාවට දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති පුජ්‍ය ාවනාගොඩ නන්දසාර හිමියන් ප්රමුඛ ස්වාමින් වහන්සේලා, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාල කන්ද උඩරට උරුමය අමාත්‍යංශයේ අධ්‍යක්ෂිකා එම්.පී.ඩබ්.ශිරෝමනි මහත්මිය,කන්ද උඩරට උරුමය වෙනුවෙන් පිහිටුවා ඇති ව්‍යවස්ථාපිත මණ්ඩලයේ සභාපති මහාචාර්ය හේරත් මහතා ඇතුළු දහම් පාසල් ප්‍රධානාචාර්යවරුන්,විදුහල්පතිවරුන්,පුස්තකලයධිපතිවරුන් පිරිසක් සහභාගී වුහ.











