2024 වර්ෂයේ ජාතික තෛපොංගල් උත්සවය මෙවර හැටන් ඩන්බාර් ක්‍රීඩාංගණයේ දී 2023 ජනවාරි 21 වන දින පළාත් ආණ්ඩුකාරවරුන් මැති ඇමතිවරුන් ඇතුළු සම්භාවනිය අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
වාර්ෂිකව දෙමළ ජනතාව විසින් සමරනු ලබන අස්වනු මංගල්‍යය හෙවත් තෛපොංගල් ජාතික සැමරුම් උත්සවය බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය, හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, නුවරඑළිය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය සහ නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලදි.
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ, ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් , නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවර සෙන්ඩිල් තොණ්ඩමන්, උතුරු පළාත් ආණ්ඩුකාරවර පී. එස්. එම්. චාල්ස් , බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ද මෙම උත්සවය සදහා සුබපැතුම් එක් කරමින් සුභ පැතුම් පණිවිඩ එවා තිබූ අතර, පොංගල් බත් 1008 ක් පිළියෙළ කිරීමද මෙහිදී සිදුවිය.
නර්ථනාංග සහ දමිල සංස්කෘතික අංග ඇතුලත් ව විචිත්‍රවත් ලෙස සංවිධානය කර තිබු මෙම වැඩසටහන සදහා දකුණු ඉන්දීය නිලියන් කිහිපදෙනෙකු ද එක් ව සිටියේය.
සර්ව ආගමික පූජකවරු , නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම් .රාමේෂ්වරන්,අමාත්‍යංශ ලේකම්වරු වන සෝමරත්න විදානපතිරණ , ඒ. සී .එම් .නෆීල්, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ, හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු අධ්යක්ෂ වයි.අනුරුත්තනන් යන මහත්ම මහත්මිහූ ඇතුළු සම්භාවනීය අමුත්තන්, දිවයින පුරා ප්‍රදේශයන්හි වෙසෙන හින්දු බැතිමත්හූ ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්වූහ.
දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය.
නුවරඑළිය











