ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත රජය මගින් ශ්‍රී ලංකාව වෙත ලබාදුන් මානුෂිය ආධාර බෙදා දීමේ වැඩසටහනට සමගාමිව කොත්මලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ අඩු අදායම්ලාභීන් සහ වතු ජනතාව වෙත අදාල ආධාර බෙදා දිමේ කටයුතු ශ්‍රි ලංකාවේ ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය අතිරා . එස් (Dr Athira.S) මහත්මියගේ සහ දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රදානත්වයෙන් පසුගිය 14 දින පැවැත්විනි.
මෙම ආධාර වැඩසටහන යටතේ ලැබෙන සහල් අඩු අදායම් ලාභී එක් පවුලකට සහල් කිලෝ ග්‍රෑම් 10ය බැගින් ලබාදීම සිදුවු අතර කිරිදෙන මව්වරුන්, ගැබිණි මව්වරුන් සහ වයස අවුරුදු පහට අඩු ළමුන් සිටිනා තෝරාගත් පවුල් සදහා කිලෝ ග්‍රෑම් 1ක කිරිපිටි පැකැට්ටුවක් ද ලබාදීම සිදුවිය.
කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම් ලාභී සහ වතු පවුල් 34012 කටත් මේ යටතේ ආධාර බෙදා දීමට නියමිතය.














