ශ්‍රි ලංකා චීන තනාපති කාර්යාලය සහ චීන රතු කුරුස සමාජය මගින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභි තොරාගත් පවුල් 2500 ක් සඳහා වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දිමේ වැඩ සටහානේ සමාරම්භක උත්සවය ශ්‍රි ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රදානත්වයෙන් පසුගිය (09) දා නුවරඑළිය සිනිසිටා නගර ශාලාවේදි පැවැත්විනි.
රතු කුරුස සමාජය සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරනු ලබන මෙම වැඩ සටහන යටතේ නුවරඑළිය ප්‍රදේශයෙන් තොරාගත් පවුල් 250 ක් වෙත වියලි ආහාර ද්‍රව්‍ය පාර්සල් බෙදා දීම ශ්‍රි ලංකාවේ චීන තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
අදාල වියලි ආහාර ද්‍රව්‍ය පාර්සලය රුපියල් 10000ක් පමණ වටිනාකමින් යුත්ත වන බවත්, ඉදිරියෙදි දිස්ත්‍රික්කය පුරා තොරාගත් පවුල් වෙත අදාල පාර්සල් බෙදාදීමට අවශය කටයුතු සිදු කරණ බවත් නුවරඑළිය දිස්ත්‍රික් රතු කුරුස සමාජයේ ශාඛා විධායක නිලධාරි එස්. චන්ද්‍රසිරි මහතා පැවසීය.
මෙම අවස්ථාවට නුවරඑළිය නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න, නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් සුජිවා බෝධිමාන්න, ප්‍රදේශිය ලේකම් විදුර සම්පත්, නුවරඑළිය රතු කුරුස සමාජයේ සභාපති එස්. ජේගදිස්වරන් යන මහත්ම මහත්මින් සහ රතු කුරුස සමාජයේ නිලධාරින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටිය.















