වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අ.පො.ස (සා.පෙළ) අවසන් කළ තෝරා ගත් සිසුන් සඳහා සංවිධානය කල "තොරතුරු තාක්ෂණය සහ ඉලෙක්ට්‍රොනික" ඩිප්ලෝමා පාඨමාලාව ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවය පසු ගිය දා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රයේ දී පැවැත්විණි
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨය මගින් සිදු කරනු ලබන මෙම පාඨමාලාවේ අධ්‍යන කාලය වසරක්.
මෙම පාඨමාලාව සංවිධානය කිරීමට අවශ්‍ය මූල්‍ය දායකත්වය ව(ර්)ල්ඩ් විෂන් ලංකා ආයතනය මගින් ලබාදී තිබේ.
පාඨමාලාවේ පලමු කණ්ඩායම ලෙස ලමුන් 270 ක් තෝරා ගෙන තිබිම විශේෂිතයි.
මෙම අවස්ථාවට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති තුමා, විද්‍යා පීඨයේ පීඨාධිපතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය ද වලපනේ ප්‍රාදේශී ලේකම් තුමිය ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ද ව(ර්)ල්ඩ් විෂන් ලංකා ආයතනයේ මෙහෙයුම් කළමනාකරු ඇතුළු නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.











