පුවත් සහ සිදුවීම්

2025.02 මාසයට අදාලව නුවරඑළිය දිස්ත්රික් කෘෂිකර්ම කමිටුව දිස්ත්රික් ලේකම් තුෂාරී තෙන්නකෝන් මහත්මියගේ ප්රධානත්වයෙන් 2025.02.20 දින දිස්ත්රික් ලේකම් කාර්යාලීය ආශ්චර්ය ශාලාවේදී පැවැත්විණ.
දිස්ත්රික්කයේ කෘෂිකර්මාන්තයට අදාල තීන්දු තීරණ රැසක් මෙම කමිටුවේදී ගනු ලැබිය. අභිනවයෙන් පත්වූ නුවරඑළිය දිස්ත්රික් ලේකම්තුමිය කෘෂිකර්ම කමිටුව ඇමතු අතර දිස්ත්රික්කයේ කෘෂිකර්ම ක්ෂේත්රයේ දියුණුවට අදාල උපරිම සහයෝගය ලබා දෙන බව එතුමිය ප්රකාශ කලාය. නුවරඑළිය ආර්ථික මධ්යස්ථානයේ එළවලු මිල තීරණය කිරීමේ ගැටළුව සම්බන්ධයෙන් ආර්ථික මධ්යස්ථාන කළමනාකරු සහ ගොවි සංවිධාන නියෝජිතයින් අදහස් ප්රකාශ කල අතර මිල තීරණය කිරීම සදහා කමිටුවක අවශ්යතාවය දිස්ත්රික් ලේකම්තුමිය පෙන්වා දෙන ලද අතර එම කමිටුව ඉක්මනින් පත්කරන බවද ඇය කියා සිටියාය.
දිස්ත්රික්කයේ කෘෂිකර්මාන්තයට සම්බන්ධ ආයතන වල ප්රගති සමාලෝචන කටයුතු මෙහිදී සිදුකල අතර කෘෂිකර්ම කමිටුවට ලැබී ඇති ලිපි පිලිබදව සාකච්ඡා කිරීමද සිදුවිය.
මෙම රැස්වීම සඳහා නුවරඑළිය අතිරේක දිස්ත්රික් ලේකම් දිනිකා කවිසේකර මහත්මිය (පාලන), අතිරේක දිස්ත්රික් ලේකම් ශාලිකා ලිදකුඹුර (ඉඩම්) දිස්ත්රික් කෘෂිකර්ම අධ්යක්ෂකතුමන්, දිස්ත්රික්කයේ කෘෂිකර්මාන්තයට අදාල රාජ්ය නිලධාරින් හා සියළු ගොවි ජන සේවා මධ්යස්ථාන නියෝජනය කරමින් ගොවි සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වුහ.480668494 967252138930357 4691689920880777362 n
480614683 967252175597020 8917355940007184359 n
480409967 967252218930349 4285822606113763675 n
480777963 967252262263678 1578668239594492156 n480502108 967252308930340 2048818407439817800 n
480779511 967252365597001 556278351857723761 n480786774 967252432263661 8168640505682367708 n481157235 967252495596988 7135386671501590470 n
480984280 967252555596982 3016971529543101513 n480695564 967252605596977 5203764819236687030 n