පුවත් සහ සිදුවීම්

නිරිතදිග මෝසම සක්‍රියවීමත් සමගම ඉදිරියේදී ඇතිවිය හැකි ආපදා තත්වයන්ට මුහුණ දීම සම්බන්ධව සාකච්ඡා කල විශේෂ ආපදා කළමනාකරණ කමිටු රැස්වීමක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.05.11 වන දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණ.
ඉදිරි මෝසම් තත්ත්වය සමග ඇතිවිය හැකි ආපදා තත්වයන්ට ආයතන වශයෙන් පෙර සුදානම් කරවීම, ආයතන සජීවිකරණය සහ සම්බන්ධීකරණය තහවුරු කිරීම,නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇතිවිය හැකි ආපදා තත්වයන් පිලිබදව දැනුවත් කිරීම මෙහිදී මුලිකව සිදුවිය. සිදුවිය.
මෙම අවස්ථාවට ප්‍රාදේශීය ලේකම්තුමන්ලා තුමියන්ලා ,නුවරඑළිය දිස්ත්‍රික් සහකාර ආපදා අධ්‍යක්ෂතුමා, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.

347012991 6144493715644584 7649467951936976212 n346886906 567416158835563 5804377025097609787 n346968387 574081634817366 6188193047111193875 n347088442 1376378219823809 7060746786485780436 n347132056 557841469855991 9134774658146261183 n347243960 800470591176551 7945383477185575008 n