පුවත් සහ සිදුවීම්

දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනාගත් සංචාරක පාරාදීසයක් වන නුවරඑළිය ග්‍රෙගරි වැව සංවර්ධන කටයුතු නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගෙ ප්‍රධානත්වයෙන් 2023/10/17 වන දින ආරම්භ විය.


සති අන්තයේ යෙදුන කෙටි නිවාඩුවේ සිට ඕනෑම දීර්ඝ නිවාඩුවකට දේශීය සංචාරකයන් මෙන්ම විදේශීය සංචාරකයන් ද සිය නිවාඩුව ගත කිරීමට නුවරඑළිය ප්‍රදේශය තෝරාගැනීමේදී එහි මූලික අරමුණ වන්නේ ග්‍රෙගරි වැව පාරිසරික කලාපය තුළ නිදහසේ කාලය ගත කිරීමයි ,ග්‍රෙගරි වැව තුලට නාගරික සීමාවේ සිට අවට ප්‍රදේශයන්ගෙන් ඝන අපද්‍රව්‍යයන් ඇළ මාර්ග හරහා ගලා ඒම හා ඒ ඔස්සේ රොන් මඩ එකතු වීම , දිය සෙවල වැඩිමීම හා එයට අනුබද්ධිතව නිර්මාණය විය ඇති පාරිසරික කලාපය තුළ ඝන අපද්‍රව්‍ය එකතු වීම මෙන්ම නොමනා මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් පාරිසරික අරංකරණය නැතිව ගොස් සංචාරක ප්‍රවර්ධන ක්‍රියාකාරකම් වන බෝට්ටු සංචාර , පෝනි සංචාර , පාපැදි සවාරි යනාදිය සිදු කර ගැනීමට නොහැකි තත්වයක් හමුවේ ග්‍රෙගරි වැව සංවර්ධන කටයුතු හා අපද්‍රව්‍යන් ක්‍රමානුකූලව ඉවත් කිරීමේ ව්‍යාපෘතිය මෙලෙස ආරම්භ කිරීමට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල කටයුතු කර ඇත ,ඒ සඳහා අනුග්‍රාහය ලබා දෙන ග්‍රීන් ඉන්ඩ්‍රස්ටියල් පෞද්ගලික ආයතනයේ නියෝජිතයින්ගේ සංචාරක ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ආයතනයයි.


මෙහිදී අදහස් දැක්වූ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් දිසාපති නන්දන ගලබඩ මහතා අදහස් දක්වමින් කියා සිටියේ මීට පෙර කිහිප වතාවකදීම නුවරඑළිය මහ නගර සභාවට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අරහා මුදල් ලබා දුන්නද එම මුදල් නිසි ලෙස කළමනාකරණය කරමින් සංවර්ධන කටයුතු සිදු කර නොමැති බැවින් නැවත සංවර්ධන කටයුතු කිරීම සඳහා සැලසුම් කිරීම කනගාටුවට කරුනක් බවයි ,වැඩිදුර අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම්වරයා මෙසේද කීය ,ගරු ජනාධිපතිවරයා ගේ අවසාන නුවරඑළිය සංචාරයේදී නුවරඑළිය සංවර්ධන ව්‍යාපෘති යටතේ ග්‍රෙගරි වැව විශේෂ තැනක් ලබා ගත්තා ,එවිට අනාවරණය වී තිබුණේ නුවරඑලිය ග්‍රෙගරි වැව සංචාරක ආකර්ශනය ක්‍රම ක්‍රමයෙන් ගිලිහී යන තත්ත්වයක් උදා වී තිබෙන බවයි ,මීට පෙරත් අපි සංවර්ධන කටයුතු වෙනුවෙන් ග්‍රෙගරි වැවට ජලය ගලාබසින ප්‍රධාන ඇළ මාර්ගය වන තලගල ඔය සංවර්ධනය කිරීම සඳහා ලක්ෂ 150ක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හරහා නුවරඑළිය මහ නගර සභාවට ලබා දුන්නා ,එම ව්‍යාපෘතිය යටතේ තලගල ඔය ප්‍රතිසංස්කරණය කිරීමෙන් නුවරඑළිය නගරය ජලයෙන් යට වීම නතර වුව ද ග්‍රෙගරි වැවට ගොන් මද හා ඝන අපද්‍රව්‍ය ගලා ඒම නතර කිරීමේ ව්‍යාපෘතිය මුළුමනින්ම අසාර්ථකයි එය හරිහැටි සිදුකර තිබුණා නම් අපට නැවත මෙලෙස වැව සංවර්ධනය කිරීමට කිසිම අවශ්‍යතාවක් නොතිබෙන්නට තිබුණා ,අප මෙම ව්‍යාපෘතිය අද ආරම්භ කෙරුවද ඒ සඳහා මුදල් යෙදවීමට වත්මන් ආර්ථික තත්ත්වය මත රජයට නොහැකි තත්ත්වයක් උදාවී තිබෙනවා ,මෙම ව්‍යාපෘතිය සඳහා කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු නොවී ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ග්‍රෙගරි වැවේ සංවර්ධන කටයුතු සඳහා අනුග්‍රහය දක්වන්න ට "ග්‍රීන් ඉන්ඩ්‍රස්ටියල්" ආයතනය අපිත් සමගින් එකතු වෙලා ඉන්නවා එයාලට අපගේ ගෞරවණීය ස්තූතිය ප්‍රකාශ කරනවා නුවරඑළිය අලංකාර කිරීමට අපත් සමග ස්වෙච්ඡාවෙන් එකතු වීම පිළිබඳව වත්මන් කාලගුණයත් සමඟ එළඹෙන මාස තුනක කාලය ඇතුළත රොන් මඩ සහ අපද්‍රව්‍ය සියල්ල ඉවත් කර නැවත ග්‍රෙගරි වැව පාරිසරික පාරාදීසයක් බවට පත්කර සංචාරක ආකර්ෂණය දිනාගැනීමට හැකි වන පරිද්දෙන් නිර්මාණය කිරීමට අප සූදානම් බවද හෙතෙම පැවසීය .


නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය..

 

393260799 641389558157704 258034060467326834 n392953220 641389498157710 5652248129666339054 n393175072 641389531491040 21897252745297779 n393222068 641389578157702 4145565907673562074 n393227327 641389541491039 2592582292820723736 n