කාන්තාවන්ට සහ ගැහැණු දරුවන්ට එරෙහිව සිදුවන සියලු ප්‍රචණ්ඩත්වයන් වැළැක්වීමට පෙළගැසෙමු යන මැයෙන් අන්තර්ජාතිකව ක්‍රියාත්මක වන දින 16 වැඩසටහනට සමගාමීව ජාතික කාන්තා කාර්‍යාංශය මගින් සංවිධානය කල වැඩසටහන් මාලාවක් 2023/12/09,10 දෙදින පුරා නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කොට ගනිමින් පැවැත්විණ.
"කාන්තාවන්ට එරෙහිව බස්රථ තුළ සිදුවන හිංසනය නවතමු" යන තේමවෙන් රාජ්‍ය නිලධාරීන් සිවිල් සමාජ ක්‍රියාකාරීන් හා සමාජ සේවකන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2023/12/09 උදැසන නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආශ්චර්ය ශාලාවේදී පැවැත්වින ,
අනතුරුව පස්වරුවේදී අඩු ආදායම්ලාභී ගර්භණී මවුවරුන් 30 දෙනෙකු සඳහා රෝහලට ගෙනයෑමට අවශ්‍ය අංග සම්පූර්ණ උපකරණ කට්ටල හා නුවරඑළිය නගරයේ ආයතන රැසක පිරිසිදු කිරීම් කටයුතු සිදුකරන සේවක සේවිකාවන් 45 දෙනෙකුට සනීපාරක්ෂක භාණ්ඩ කට්ටල පිරිනැමීමේ වැඩසටහනක්ද පැවැත්වීමට ද කටයුතු කර තිබිණ .
බස් රථ හා ත්‍රීරෝද රථ තුල කාන්තාවන්ට සිදුවිය හැකි හිංසනයන් වැලැක්වීමේ අරමුණෙන්
"සැමට සුන්දර ගමනක්" තේමාව යටතේ සංවිධානය කළ නිහඩ පාගමනක් 2023.12.10 දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සිට නුවරඑළිය මධ්‍යම බස් නැවැතුම්පොල දක්වා සංවිධානය කර තිබිණ. රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවක සේවිකාවන් සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් ග්‍රාමීය කාන්තා කමිටු නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම පාගමනට සහභාගී වූ අතර නුවරඑළිය නගරය පුරා දැන්වීම් හා අත් පත්‍රිකා බෙදා හරිමින්, බස් රථ හා ත්‍රීරෝද රථ වල ස්ටිකර් ඇලවමින්,දැන්වීම් පුවරු රැගෙන වීදි සංචාරය කිරීම මෙම පාගමනේ සුවිශේෂත්වයකි. අනතුරුව කාන්තා සැමරුම් උළෙලක් සහ විශේෂ දේශණයක් දිස්තික් ලේකම් කාර්යාල ආශ්චර්යය ශාලාවේ සංවිධානය කර තිබිණ ,
මෙම වැඩසටහන කාන්තා හා ළමා සංවර්ධන , පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යංශයට අනුබද්ධිත නුවරඑළිය දිස්ත්‍රික් වනිතා කටයුතු අංශය සහ ජාතික කාන්තා කමිටුව මගින් සංවිධානය කර තිබිණ ,
මෙම වැඩසටහන් මාලාව සඳහා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් දිසාපති නන්දන ගලබොඩ මහතාගේ උපදෙස් පරිදි අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) හා නුවරඑළිය මහ නගර සභාවේ නාගරික වැඩබලන කොමසාරිස් සුජීවා බෝධිමාන්න මහත්මිය , අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිනිකා කවිසේකර මහත්මිය, සහකාර දිස්ත්‍රික් ලේකම් සමීර ගම්ලත් මහතා වනිතා කටයුතු දිස්ත්‍රික් නිළදාරි රසිකා ජයසිංහ මහත්මිය , පාම් පදනමේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා චන්දිමා අබේවික්‍රම මහත්මිය, නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂ ශ්‍රේණියේ ප්‍රධාන හෙද නිළධාරීනී ලලන්ති රණසිංහ මහත්මිය, නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා ඇතුළු නුවරඑළියේ සෑම රාජ්‍ය ආයතනයන් නියෝජනය කරමින් එහි විධායක ශ්‍රේණිවල නිලධාරීන් සහ ආරක්ෂක අංශ නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය






















