පුවත් සහ සිදුවීම්

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් කාර්යාලය විවෘත කිරීම මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් 2024.04.22 වන දින සිදු කෙරිණ.


නවීන පහසුකම් වලින් සමන්විත මෙම කාර්යාලය නුවරඑළිය ලේඩි මැකලම් පාර අංක 95/26/A දරන ස්ථානයේ පිහිටා ඇත.


ජාතික හැදුනුම්පත් එක්දින සේවාව සහ විදේශ ගමන් බලපත් සදහා ඇඟිලි සලකුණු ලබා ගැනීමේ සේවාවන් මෙමගින් සලසා ගත හැක.


මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සී.බී. රත්නායක,මරුදපණ්ඩි රමේශ්වරන්,වී.රාධාක්‍රිෂ්ණන් මහත්වරුන් සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක,පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී,ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.


නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය..

438231202 756978159957757 7371968519323746574 n

438301249 756978123291094 6699469681246537987 n

438215737 756978043291102 3656850612044088262 n

438216733 756977973291109 7772195022275738834 n

438223956 756978079957765 995469587814872479 n

438239263 756978069957766 3971988739653019379 n

438260216 756977989957774 8109680671201472470 n