පුවත් සහ සිදුවීම්

ශ්‍රි ලංකා චීන තනාපති කාර්යාලය සහ රතු කුරුස සමාජය මගින් පරිත්‍යාග කළ පාසල් උපකරණ සහ වියලි ආහාර ද්‍රව්‍ය පාසල් දරුවන් වෙනුවෙන් බෙදා දීමේ උත්සවයක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රදානත්වයෙන් අද (27) දින මස්කෙළිය සමන් එලිය විද්‍යාලයේ දි පැවැත් විනි.
රතු කුරුස සමාජය සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරනු ලබන මෙම වැඩ සටහන යටතේ සමන් එලිය විද්‍යාලයේ දරුදැරියන් 270 ක් සදහා සෙත සැලසිනි.
මෙම විද්‍යාලයේ 1 වසරේ සිට 5 වසර දක්වා ඉගෙනුම ලබන දරු දැරියන් 111 දෙනකු සදහා මෙහිදි එක් අයකුට රුපියල් 10000/=ක් පමණ වටිනාකමකින් යුතු වියලි ආහාර ද්‍රව්‍ය පාර්සලයක් බැගින් පරිත්‍යාග කිරීම සිදු විය.
එසේම 6 වසරින් ඉහළ පන්ති වල ඉගෙනුම ලබන දරු දැරියන් 159 ක් සදහා එක් අයකුට රුපියල් 8000/=ක් පමණ වටිනා පොත් පත් ඇතුලු පාසල් උපකරණ බෙදා දීම ද මෙහිදි සිදු විය.
මෙම අවස්ථාවට නුවරඑළිය දිස්ත්‍රික් රතු කුරුස සමාජයේ ශාඛා විධායක නිලධාරි එස්. චන්ද්‍රසිරි මහතා ඇතුළු පිරිසක් එක්ව සිටිය.

 295998303 365136362449693 6631419382870344988 n

296195039 365136469116349 5653942901021387413 n

296252289 365136512449678 6502271057466761274 n

296302022 365136405783022 2695348122332155448 n

 -- CLICK HERE TO VIEW MORE IMAGES --