පුවත් සහ සිදුවීම්

නුවරඑළිය මහනුවර ප්‍රධාන මාර්ගය දෙපස පලතුරු පැල සිටුවීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (29) පලාගොල්ල ප්‍රජා ශාලාවේදී පැවැත්විණ.
නුවරඑළිය නගරයට පිවිසෙන මාර්ග දෙපස අලංකරණය කිරීම සඳහා වූ වැඩසටහනේ තවත් එක අදියරක් ලෙස මෙම පලතුරු පැල සිටුවීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර සංචාරක ආකර්ෂණය වැඩිදියුණු කිරීම මෙහි මූලික අරමුණයි.
පේරාදෙණිය චෙන්කලඩි ඒ 05 මාර්ගයේ නුවරඑළිය දිස්ත්‍රික් පිවිසුම වන කොත්මලේ නව කඩදොර කළු පාලම අසල සිට නුවරඑළිය නගරය දක්වා පලතුරු පැල සිටුවීමට සැලසුම් කර ඇත. ඒ යටතේ කොත්මලේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් 17 ක් සහ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 2 ආවරණය වන පරිදි මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ.
මෙම අවස්ථාවට නුවරඑළිය,කොත්මලේ ප්‍රාදේශීය ලේකම්තුමන්ලා, වසම් නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන්,මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.

316965785 454046260225369 2483441219457154651 n

317097396 454046186892043 4728880583611206845 n

317439648 454046176892044 795422726485977515 n