පුවත් සහ සිදුවීම්

සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් පවත්වන ජාතික මලල ක්‍රීඩා තරගාවලියට සමගාමිව දිස්ත්‍රික් මට්ටමෙන් සුදුස්සන් තෝරාගැනීමේ නුවරඑළිය දිස්ත්‍රික් තරගාවලිය 2024.03.28 වන දින නුවරඑළිය මහනගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.


නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හත නියෝජනය කරමින් විවිධ කාණ්ඩ යටතේ තරගකරුවන් මෙම තරගාවලියට සහභාගී වූ අතර මීටර් 100,200,400 යගුලිය දැමීම, හෙල්ලය විසිකිරීම, දුර පැනීම යන ජවන හා පිටිය ඉසව් වලින් මෙම තරගාවලිය සමන්විත විය


සමාජ සේවා දෙපාර්තමේන්තුවේ නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය සමාජ සේවා අංශ මෙම තරගාවලියේ සංවිධාන කටයුතු මෙහෙයවූ අතර නුවරඑළිය දිස්ත්‍රික් ක්‍රීඩා සංවර්ධන අංශය සහ ක්‍රීඩා නිලධාරීන් මෙහි තරග විනිශ්චය කටයුතු සිදු කළහ.


නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ පුර්ණ අධීක්ෂණය යටතේ මෙම තරගාවලිය සංවිධානය කල අතර ජයග්‍රහයකයින් වෙනුවෙන් සහතික පත්‍ර ප්‍රධානයට නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිනිකා කවිසේකර මහත්මිය සහභාගී වුවාය.


මෙම තරගාවලියට CBR ස්වෙච්චා සේවකයන්, ස්වශක්ති සංවිධානවල නිලධාරීන්, අබාධ සහිත වුවන්ගේ දෙමව්පියන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.


නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

 

433514262 733825802247412 8075576178766304123 n

433514288 733825292247463 5507209141030110000 n

433518308 733825515580774 3211041480010856442 n

434652339 733825895580736 746376845423514822 n

434662393 733825452247447 1079494348059996149 n

434654457 733825715580754 6979519991162197640 n

434666885 733825872247405 3574273617642051961 n

434667382 733825832247409 3119400149282278023 n

434736865 733825748914084 8868872849543239479 n

434743726 733825675580758 9021683493491618653 n