දිස්ත්‍රික්කයේ 595395 වු සමස්ථ ඡන්ද සංඛ්‍යාවෙන් 19747ක් තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා සුදුසුකම් ලබයි.
2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (04) දින සිදුකෙරෙන අතර නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම උදෑසන ආරම්භ කෙරිණි.
නුවරඑළිය තේරීම්භාර නිලධාරි, දිසාපති නන්දන ගලබඩ මහතා සඳහන් කලේ අද දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මැතිවරණ කාර්යාලය සහ දිස්ත්‍රික්කයේ සියලු පොලිස් ස්ථානවල තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සිදු කරන බවය .
එලබෙන 5 සහ 6 දෙදින තුල දිස්ත්‍රික්කයේ අනිකුත් රාජ්‍ය ආයතන සඳහ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහ කටයුතු යොදා ඇති අතර ඉහත දින වල ඡන්ද පාවිච්චි කිරීමට නොහැකි වු අය සඳහා සැප්තැම්බර් මස 11 සහ 12 දෙදින දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ දි අවස්ථාව ලබදීමට පියවර ගන්නා බවද දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරිවරයා තවදුරටත් පැවසීය.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ලියාපදිංචි සමස්ත ඡන්ද දායකයින් සංඛ්‍යාව 595,395 වන අතර එය නුවරඑළිය මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද 341,563 ක්, කොත්මලේ මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද 86,759 ක්, හගුරන්කෙත මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද 77370 ක් සහ වලපනේ මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද 89703 ක් ලෙස දැක්වේ.
ඉන් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලැබූ ඡන්ද දායකයින් සංඛ්‍යාව 19,747ක් තැපැල් ඡන්ද සලකුණු කිරිම සඳහා නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ මධ්‍යස්ථාන 200 ක් පිහිටා ඇති අතර එය නිරීක්ෂණය සඳහා නිලධාරින් 120 ක් යොදවා ඇති බවද දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි, දිසාපති, නන්දන ගලබඩ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කලේය .
දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය
නුවරඑළිය







