පවතින සංචරන සීමා කාලයේ නුවරඑළිය නගරය අවට ජනතාවට අවශ්‍ය අත්‍යාවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය බෙදාහැරිම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා සහ නුවරඑළිය ඒකාබද්ද වෙළඳ සංගමයේ සාමාජිකයින් අතර පැවැත්විනි.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දි පැවැති මෙම සකච්ඡාවේදි අත්‍යාවශ්‍ය ආහාර බෙදාහැරිමේ දි වෙළඳ මහතුන්ට නැගුණු ගැටළු පිළිබඳව සාකච්ඡාවට බදුන් විය.
අදාල ගැටළු නිරාකරනය කිරිම සඳහා දිස්ත්‍රික් ලේකම්වරයා විසින් අවශ්‍ය පියවර ගත් බව ඒකාබද්ද වෙළඳ සංගමයේ සභාපති ඩග්ලස් නානායක්කාර මහතා පැවසීය.









