නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුබද්ධ නෝර්වුඩ් නව උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පරිපාලන කටයුතු සදහා විවෘත කිරීමේ උත්සවය වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් 2021-12-31 දින නෝර්වුඩ් දියසිරිගම ප්‍රදේශයේ පැවැත්විණ.
නව උප කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට සදහා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මරදපාන්ඩී රාමේෂ්වරන් මහතා ඇතුළු මහජන නියෝජිතයින් සහ නුවරඑළිය දිස්ත්‍රීක් ලේකම් නන්දන ගලබඩ මහතා ,ඇතුළු රාජ්‍ය නිළධාරීන් පිරිසක් එක් ව සිටියහ.










