“ආහාර අර්බුදයක් නොවන්නට සැමදෙනාගේ කැපවීම අත්‍යාවශය බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පවසයි”
===========================================
යම් අවස්ථාවක ආහාර අර්බුදයක් පැමිණියහෙත් ඉට මුණ දීම සඳහා නුවරඑළිය දිස්ත්‍රික්කය තුල ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරගැනිම සඳහා වගා සංග්රාම සතියක් ආරම්භ කළ බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පවසයි.
දිස්ත්‍රික් ලේකම්වරයා තව දුරටත් සඳහන් කලේ මැයි මස 09 වන දා සිට 15 වන දා දක්වා නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් සෑම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයකම ගම්මාන සහ වතු කේන්ද්‍ර කර ගනිමින් මෙම වැඩසටහන ආරම්භ කරන බවය.
දිස්ත්‍රික්කයේ පාරිභෝගිකයින් විසින් බහුලව පරිභෝජනය කරණු ලබන ආහාර වර්ග හදුනාගන අති බවත් ඒවා දිස්ත්‍රික්කය තුලින් හෝ බාහාරින් සපයාගත යුතුව ඇති බවත් පැවැසු දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කලේ දිස්ත්‍රික්කය තුලින්ම අදාල ආහාර වර්ග නිෂ්පාදනය වැඩි කිරීම සහ ආදේශක ආහාර නිෂ්පාදනය වැඩි කිරීම සඳහා ජනතාව දිරි ගැන්වීම මෙමගින් සිදු කරණ බවය.
පුරන් කුඹුරු සහ වතු ආශ්රිත වගා කල හැකි ඉඩම් වල කෙටි කාලින දේශිය අල බෝග වගා කිරීම, ගොවතු වගාව දිරිගැන්වීම, කිතුල් පැණි කර්මාන්තය, මිරිදිය මත්ස්‍ය වගාව, කුකුළු පාලනය, බද්ධ කොස් පැල 1000 සිටවීම. කිරි ගොවින් දිරිගැන්වීම වැනි කටයුතු මෙම වැඩ සටහාන යටතේ සිදු කරන බවත්, ඒ සඳහා කෘෂිකර්ම අංශය, ක්ෂේත්‍ර නිලධාරින්, රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන එක්ව කටයුතු කරන බවත් දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා තව දුරටත් පැවසීය.








