පුවත් සහ සිදුවීම්

පළාත් පාළන මැතිවරණය 2023 අදාලව නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 12 ක් වෙනුවෙන් ඉදිරිපත් කල නාමයෝජනා අයදුම්පත් 108 ක් අතරින් නාමයෝජන 17 ක් ප්‍රතික්ෂේපවී ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරි සහ දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පැවැසීය.
ඔහු සඳහන් කලේ ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂ 85 ක් සහ ස්වාධීන කණ්ඩායම් 06 ක් ඇතුලත්ව නාමයෝජනා 91 ක් මැතිවරණ සදහා පිලිගෙන ඇති බවය.
නුවරඑළිය මහා නගර සභාව සඳහා ඉදිරිපත් කල නාමයෝජනා 10 න් ස්වාධින කණ්ඩායම (උපාලි දයානන්ද) නාමයෝජනා ප්‍රතික්ෂේප වි ඇති අතර කොටගල ප්‍රාදේශිය සභාව සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා 11 අතරින් ස්වාධින කණ්ඩායම (රාමන් තිරුචන්දුරන්), අභිනව නිවහාල් පෙරමුණ, එක්සත් ජාතික නිදහස් පෙරමුණ, නිදහස් ජනතා පෙරමුණ, ජාතික ප්‍රජාතත්‍රවාදි පෙරමුණ යන පක්ෂ සහ ස්වාධින කණ්ඩායම් ඉදිරිපත් කල නාමයෝජනා 05 ප්‍රතික්ෂේප වි තිබේ.
නෝර්වුඩ් ප්‍රාදේශිය සභාව සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා 10 න් අතරින් ස්වාධින කණ්ඩායම (සන්දනම් ෆ්‍රාන්සිස්), අභිනව නිවහාල් පෙරමුණ, එක්සත් ජාතික නිදහස් පෙරමුණ යන පක්ෂ සහ ස්වාධින කණ්ඩායම් ඉදිරිපත් කල නාමයෝජනා 03 ප්‍රතික්ෂේප වි ඇත.
නුවරඑළිය ප්‍රාදේශිය සභාව සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා 10 න් අතරින් ස්වාධින කණ්ඩායම (සන්දනම් ෆ්‍රාන්සිස්), සහ ශ්‍රි ලංකා නිදහස් පෙරමුණ යන පක්ෂ ඉදිරිපත් කල නාමයෝජනා 02 ප්‍රතික්ෂේප වි ඇති අතර හගුරන්කේත ප්‍රාදේශිය සභාව සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා 08 ට අතරින් නව ලංකා නිදහස් පක්ෂ ඉදිරිපත් කල නාමයෝජනාව ප්‍රතික්ෂේප වි තිබේ.
ආගරපතන ප්‍රාදේශිය සභාව සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා 09 අතරින් ලංකා සම සමාජ පක්ෂයේ නාම යෝජනාව ප්‍රතික්ෂේප වි ඇති අතර වලපනේ ප්‍රාදේශිය සභාව සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා 09 අතරින් එක්සත් ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත්කල නාම යෝජනාව ප්‍රතික්ෂේප වි ඇත.
අඹගමුව ප්‍රාදේශිය සභාව සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා 09 අතරින් එක්සත් ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් කල නාමයෝජනාව ප්‍රතික්ෂේප වි ඇති අතර කොත්මලේ ප්‍රාදේශිය සභාව සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා 06 අතරින් ජාතික ප්‍රජාතත්‍රවාදි පෙරමුණ ඉදිරිපත්කල නාම යෝජනාව ප්‍රතික්ෂේප වි තිබේ.
මස්කෙලිය ප්‍රාදේශිය සභාව සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා 12 අතරින් එක්සත් ජනතා නිදහස් පෙරමුණ පක්ෂය ඉදිරිපත්කල නාම යෝජනාව ප්‍රතික්ෂේප වි ඇත. හැටන් දික්ඹය නගර සභාව සඳහා ඉදිරිපත් කල නාමයෝජනා 07 ම පිලිගන ඇති අතර තලවකැලේ ලිදුල නගර සභාව සඳහා ඉදිරිපත් කල නාමයෝජනා 07 ද පිළිගන තිබේ.
එ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ පලාත් පාලන ආයතන 12 සදහා පලමු පත්‍ර යටතේ 1345 ක් සහ දෙවන පත්‍ර යටතේ 1130 ක් ඇතුලත්ව අපේක්ෂකයන් 2475 මැතිවරණයට ඉදිරිපත්වීමට නියමිතය

326789630 577000043931121 4916986856841356972 n