පුවත් සහ සිදුවීම්

නුවරඑළිය දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ විශේෂ රැස්වීමක් 2023/10/13 වන දින අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්.පී.එස්.පී.කේ.බෝධිමාන්න මහත්මියගේ සහ නුවරඑළිය ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ගරු සභාපති රාවණාගොඩ නන්දාසාර ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවිත්විණ.
ඔක්තෝම්බර් 29 වැනිදා නුවරඑළිය ගාමිණී විද්‍යාලයේ පැවැත්වීමට කටයුතු යොදා ඇති දහම්පාසැල් සිසු නිපුණතා නුවරඑළිය දිස්ත්‍රික් තරගයේ සම්බන්ධීකරණ කටයුතු සම්බන්ධයෙන් මෙම රැස්වීමේදී මූලිකවම සාකච්ඡා කෙරිණ.
මෙම අවස්තාවට නුවරඑළිය දිස්ත්‍රික් බෞද්ධ කටයුතු සමායෝජක උඩමාදුරේ සිරි රතන හිමියන් ඇතුලු ගෞරවනීය ස්වාමින් වහසේලා, නුවරඑළිය ප්‍රාදේශීය ලේකම්තුමා, තලවකැලේ ප්‍රාදේශීය ලේකම්තුමිය, නුවරඑළිය පොලිස් ස්ථානාධිපතිතුමන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය.

 

387137741 639132691716724 555869394046577609 n387801972 639132721716721 5191248478367477168 n387819743 639132635050063 1013437897744070379 n387823544 639132658383394 2358424873138777869 n391519066 639132618383398 7384811562321770830 n