දිට්වා ආපදා හේතුවෙන් විනාශ වු නුවරඑලිය දිස්ත්‍රික්කයේ වලපනේ, හගුරන්කෙත, මතුරට සහ නිල්දාණ්ඩාහින්න යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නැවත ගොඩනැගීම අරමුණු කරගත් බදුල්ලෙන් වලපනේට “අධිෂ්ඨානයේ ශ්‍රම මෙහෙයුම” මහ සංඝරත්නය ප්‍රමුඛ විශාල ජනතාවගේ සහභාගිත්වයෙන් අද (16) වලපනේ යොවුන් සේනාංක ක්‍රිඩාංගනයේදී ආරම්භ විය.
ජනවාරි මස 16 දින සිට 19 දින දක්වා දින හතරක කාලයක් පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මෙම ශ්‍රමදාන වැඩසටහන සදහා බදුල්ල දිස්ත්‍රික්කයෙන් පැමිණි රාජ්‍ය නිලධාරීන් ඇතුළු දහස්ගණනක් වු ජනතාව සම්බන්ධ වීම විශේෂිතය .
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ සහ අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ වූ මෙම අධිෂ්ඨානයේ මෙහෙයුම මගින්, අවහිර වූ මාර්ග නැවත වාහන ගමනාගමනයට සුදුසු ලෙස සකස් කිරීම, විනාශ වූ ඇල හා අමුණු ප්‍රතිසංස්කරණ කර ගොවියන්ට නැවත වගා කිරීමට හැකි ආකාරයෙන් ගොවි බිම් සකස් කිරීම, ආපදාවට පත් පාසල් නැවත ඉගෙනුම් පරිසරයක් බවට පත් කිරීම, වෛද්‍ය සායන මගින් ජනතාවගේ සෞඛ්‍යය යළි ශක්තිමත් කිරීම, කලාකරුවන්ගේ රසවින්දන වැඩසටහන් මඟින් පීඩාවට පත්වූවන්ගේ මානසික මට්ටම ශක්තිමත් කිරිම ආදි කටයුතු සිදු කිරීම ට නියමිතය.
මෙම අවස්ථාවට, මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගාමික පූජ්‍ය පක්ෂය, ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර මහතා, බදුල්ල සහ නුවරඑලිය දිස්ත්‍රික්ක නියෝජනය කරන ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද, ඌව පළාත් ප්‍රධාන ලේකම්තුමිය ඇතුළු පළාත් සභාවේ අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ආයතන ප්‍රධානීන්ද, නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්තුමිය සහ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.




























