නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් සංවිධානය කල "සුභාවිත ගී දැහැන" සංගීත ප්‍රසංගය නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය(15) දා නුවරඑලිය සිනෙසිටා ශාලාවේදී පැවැත්විණ.
අවිවේකී මනසට ගීතයේ මිහිරියාව තුලින් සමාජයේ ප්රගමනයට "සුභාවිත ගීතය" යන්න තේමා කර ගත් මෙම සංගීත සන්ධ්‍යාව 60-70 දශකයේ ගායක ගායිකාවන්ගෙන් ගීතවත් වීම විශේෂත්වයකි.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්.පී.කේ බෝධිමාන්න මහත්මිය හිටපු නගරාධිපති මහින්ද දොඩ්ම්පේ ගමගේ මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.















