පුවත් සහ සිදුවීම්

නුවරඑළිය දිස්ත්‍රික් මානසික ප්‍රථමාධාර කමිටුවේ ක්‍රියාකාරිකයින් දැනුම්වත් කිරීමේ පුහුණු වැඩසටහනක් නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්.පී.කේ බෝධිමාන්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2024/05/09 වන දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්විණ.


හදිසි ආපදා තත්වයන් වලදී කාන්තාවන් සහ කුඩා දරුවන් මානසිකව සහ සමාජීයව මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් අදාල අංශ දැනුම්වත් කර ඒවාට අවශ්‍ය පිළියම් ලබාදීම අරමුණු කර ගනිමින් නුවරඑළිය දිස්ත්‍රික් මනෝ සමාජීය කමිටුව පිහිටුවා ඇත. නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය වන පරිදි සාමාජිකයන් 40ක් මෙම පුහුණු වැඩසටහනට සහභාගී වූහ


නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ පූර්ණ මගපෙන්වීම මත මෙම කමිටුව ක්‍රියාත්මක වන අතර නුවරඑළිය දිස්ත්‍රික් මනෝ සමාජීය ඒකකය යටතේ දිස්ත්‍රික් වනිතා සංවර්ධන අංශය, දිස්ත්‍රික් රාජ්‍ය නොවන සම්බන්ධීකරණ අංශය.ජාතික ළමාරක්ෂක අධිකාරියේ නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලය මෙම කමිටුවේ සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ලබයි.


නුවරඑළිය දිස්ත්‍රික් ආපදා සහන අංශය, දිස්ත්‍රික් සමාජසේවා අංශය සහ දිස්ත්‍රික් සමථ අංශවල නිලධාරීන් මෙම වැඩසටහනට සම්පත් දායකත්වය සැපයූ අතර S.W.M. ( Social welfare mandam) සංවිධානය මූල්‍ය අනුග්‍රහය සපයන ලදි.


නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

 

438302660 757972576499401 944317133067594834 n

438264352 757972633166062 6813858975711217287 n

438276099 757972709832721 510207182558011850 n

438299879 757972623166063 3797039760137687850 n

438301689 757972683166057 1056589832913759802 n

438303121 757972759832716 5592110297439398628 n