නව වසරේ පළමු නුවරඑළිය දිස්ත්රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම පැවැත්වේ.
====================
නව වසරේ පළමු නුවරඑළිය දිස්ත්රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම නුවරඑළිය දිස්ත්රික් සංවර්ධන කමිටු ගරු සභාපති පර්ලිමේන්තු මන්ත්රී මංජුල සුරවීර ආරච්චි මහතාගේ ප්රධානත්වයෙන් අද (30) දින නුවරඑළිය දිස්ත්රික් ලේකම් කාර්යාලයීය ආශ්චර්ය ශාලාවේ දී පැවැත්විණි .
මෙහිදී අදහස් දැක්වු දිස්ත්රික් සම්බන්ධිකරණ කමිටුවේ ගරු සම සභාපති පර්ලිමේන්තු මන්ත්රී මංජුල සුරවීර ආරච්චි මහතා සදහාන් කලේ දිස්ත්රික් සම්බන්ධිකරණ කමිටුව සදහා කැදවන රාජ්ය නිලධාරීන් අධිකරණ කටයුත්තක් හැරණු පසු වැදගත්ම රාජකාරිය දිස්ත්රික් සම්බන්ධිකරණ කමිටුව කරගත යුතු බවයි.
යම් නිලධාරීයෙකු සම්බන්ධිකරණ කමිටුව ට නොපැමිණිමේදි ඔහුගේ විෂය ට සම්බන්ද ජනතා ගැටලුවකට විසදුම් දීමට තවදුරටත් කල් යාම ජනතාව ට සිදු කරණ අසාධාරණයක් බවත් සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
අනවසරයෙන් පුද්ගලයකු අල්ලාගෙන සිටි මිපිලිමාන එරික් ප්ලේන් ඉඩම අධිකරණ නියෝගයකින් පෙබරවාරි 5 සිට රජයෙ භාරයට පත්වන බවත්, ඒ රැකගැනීම සදහා සුදුසු ආරක්ෂක වැඩපිළිවෙළක් අවශ්ය බවත් මෙහිදී අනාවරණය විය.
එසේම මිපිලිමාන ප්රදේශයේ පුද්ගලික ආයතනයක බදු කොන්දේසි කඩකල අක්කර 5ක ඉඩම හා උඩ රදැල්ල ගොවිපළ ට අයත් ඉඩම් කොටස කෘෂි කර්ම දෙපාර්තමේන්තුවට පවරා දීම සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝව සාකච්ඡා විය.
හැටන් දුම්රිය දෙපාර්තමේන්තුව සතු නව ගොඩනැගිල්ලේ කොටසක් නෝවුඩ් ප්රාදේශීය ලේකම් කාර්යලය සදහා ලබා දීමට ද මෙහිදී එකගත්වය පලවිය.
නුවරඑළිය ග්රෙගරි වැව ජලජ ශාඛ ඉවත්කර පවත්වාගෙන යාම සදහා සුදුසු ආයතනයකට පැවරීම කලයුතු බව මෙහිදී අනාවරණය වු අතර ඒ සදහා සියලු පාර්ශවයන් එක්ව තිරණයක් ගැනිමටද මෙහිදී එකගත්වය පලවිය.
ඉඩම් සංවර්ධනය, සෞඛ්ය සංවර්ධනය , වාරීමාර්ග සංවර්ධනය, පාසල් සංවර්ධනය, ජල සම්පාදනය යන කරුණු පිළිබඳවද මෙහිදි සාකච්ඡාවට ගැනිණ.
මෙම සම්බන්ධිකරණ කමිටු රැස්වීම සදහා මධ්යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බි.එස් අභයකෝන්, අධ්යාපන හා උසස් අධ්යාපන නියෝජ්ය අමාත්ය මධුර සෙනෙවිරත්න, පර්ලිමේන්තු මන්ත්රීවරුන් වන වි. රාධා ක්රිෂ්ණා, අනුෂ්කා තිලකරත්න. කේ. කලෙයිචෙල්වි,යන මහත්ම මහත්මින්,
නුවරඑළිය දිස්ත්රික් ලේකම් නන්දන ගලබඩ , මාධ්ය පලාත් ප්රධාන ලේකම් අජිත් ප්රේමසිංහ මහත්වරු ඇතුළු උසස් රාජ්ය නිලධාරීන් පිරිසක් එක්ව සිටිහ.
දිස්ත්රික් මාධ්ය ඒකකය - නුවරඑළිය























