පුවත් සහ සිදුවීම්

නුවරඑළිය ගයාත්රි දෙවස්තානයේ මහා ශිව රාත්රි පුජාව බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු නියෝජ්ය අමාත්ය ගමගෙදර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන්,
==================
පෙබරවාරි මස 26 වන දිනට යෙදෙන මහා ශිව රාත්රි උත්සවයට සමගාමිව
නුවරඑළිය ගයාත්රි දේවස්ථානයේ මහා ශිව රාත්රි අධ්යාත්මික පුජාව බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු නියෝජ්ය අමාත්ය ගමගෙදර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වීමට සැළසුම් කර තිබේ.
මාතෘ භුමියෙ සෞභාග්ය උදෙසා ශ්රි ලංකා ජන රජයටත්, සියලු රට වැසියන්ටත් සෙත් පතා පැවැත්වෙන මෙම පුජාව 2025 - 02- 26 දින සවස 6 සිට 27 දින උදැසන දක්වාපැවැත්විමට නියමිතය.
ශ්රි ලංකාධිෂ්වර දෙවස්ථානයේ (ගයාත්රි පිඨය) සහ ශ්රි ශක්ති ආධ්යාත්මික පදනම, අනුශාසනා මත බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්යංශයේ හිංදු කටයුතු දෙපාර්තමේන්තුව, නුවරඑළිය දිස්ත්රික් ලේකම් කාර්යාලය, නුවරඑළිය මහ නගර සභාව ඇතුලු රාජ්ය සහ පුද්ගලික ආයතන එක්ව මෙය සංවිධානය කරයි.
දිස්ත්රික් මාධ්ය ඒකකය - නුවරඑළිය.
 
481238946 951105407186116 7109821382071167190 n