පුවත් සහ සිදුවීම්

පළාත් පාළන ජන්ද විමසීම - 2025 වෙනුවෙන් නුවරඑළිය දිස්ත්රික්කයේ පළාත් පාළන ආයතන හතක් සදහා පිළිගත් දේශපාලන පක්ෂ 04 ක් විසින් අද (19) දින අවසන් වන විට නාම යෝජනා 08 ක් ලබාදි ඇති බව දිස්ත්රික් තේරීම් භාර නිලධාරී, දිස්ත්රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය පැවසීය.
තලවකැලේ ලිදුල නගර සභාව සදහා කදුරට ජනතා පෙරමුණ සහ සමගී ජන බලවේගය නාම යෝජනා භාර දීම සිදු විය.
සමගි ජන බලවේගය පක්ෂය විසින් හගුරන්කෙත, කොටගල , ආගරපතන, නුවරඑළිය යන ප්රාදේශීය සභා හතර සදහ ද නාමයෝජනා ලබා දි තිබේ.
සමාජවාදී සමානතා පක්ෂය විසින් මස්කෙළිය ප්රාදේශීය සභාව සඳහ නාම යෝජනා ලබා දී ඇති අතර ජන අරගල සන්ධානය විසින් නුවරළිය මහ නගර සභාව සඳහ නාම යෝජනා ලබා දී තිබේ.
නාමයෝජනා භාර දීම පසුගිය (17) දා දිස්ත්රික් ලේකම් කාර්යාල පරිශ්රයේදී ආරම්භ කෙරිණ. එය හෙට (20) දා මධ්යහන්න 12 දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.
නුවරඑළිය දිස්ත්රික්කයේ පළාත් පාළන ආයතන 12 සදහා පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධින කණ්ඩායම් 121 ක් මැතිවරණය සදහා ඇප තැන්පත් කර තිබේ.
485612523 989722543349983 7301845952486669523 n