කොවිඩ් - 19 වෛරසය නුවරඑළිය දිස්ත්‍රික්කයේ පැතිර යාම වැළැක්වීම සඳහා ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සහ එහි ප්‍රගතිය පිළිබඳව සොයා බැලීම සඳහා වූ සම්බන්ධීකරණ කමිටු රැස්වීම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පසුගියදා පැවැත්විණි.
දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම කමිටු රැස්වීමේදි කොවිඩ් 19 වසංගතයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කරගැනීම සඳහා සහ ඉදිරියේ දී ඇතිවිය හැකි තත්ත්වයන්ට මුහුණදීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග කෙරෙහි විශේෂයෙන් අවධානය යෙමු කරන ලදි.
මේ අවස්ථාවට අතිරකත දිස්ත්‍රික් ලේකම් පි.ඒ. සරත්චන්ද්‍ර මහතා ඇතුළු නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මනතුංග මහතා ඇතුළු සෞඛ්‍ය අංශ, හමුදාව, පොලීසිය, ආපදා කළමනාකරණ ඇතුළු රාජ්‍ය අංශවල ප්‍රධානීන් රැසක් ද සහභාගි වී සිටියහ.