පුවත් සහ සිදුවීම්

පසුගිය දිනවල නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇති වු හදිසි ආපදාවලින් අවතැන්වු පවුල් වල පාසැල් දරුවන් වෙත නොමිලයේ පාසැල් උපකරණ කට්ටල ලබාදීමේ වැඩසටහනක් ශ්‍රීලංකා රතුකුරුස සමාජය මගින් ක්‍රියාවට නංවයි.
එම වැඩසටහනට සමගාමීව නුවරඑලිය සහ අඹගමුව ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශවල පාසැල් දරුවන් වෙත පාසැල් උපකරණ කට්ටල බෙදාදීම නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන්
2022/11/11 වනදින කොටගල මාරියම්මන් කෝවිල් පරිශ්‍රයේදී පැවැත්විණ.
මෙම උපකරණ කට්ටලයේ සම්පූර්ණ වටිනාකම රුපියල් 12000 වන අතර නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ දරුවන් 102 කට සහ අඹගමුව ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ දරුවන් 51 කට මෙම උපකරණ ලබාදීම සිදු කරන ලදි.
මෙම අවස්ථාවට ශ්‍රීලංකා රතුකුරුස සමජයේ නුවරඑළිය දිස්ත්‍රික් විධායක නිලධාරී RS චන්ද්‍රසිරී මහතා, පරිපාලන ග්‍රාම නිලධාරීතුමන්ලා, ආපදා සහන සේවා නිලධාරීතුමන්ලා, ග්‍රාම නිලධාරීතුමන්ලා, විදුහල්පතිතුමන්ලා,පාසැල් ගුරුභවතුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

314803655 442653471364648 3002740570869814104 n 1

315176532 442653441364651 3766200182760410387 n 1

315255524 442653491364646 396002219340739186 n 1

315435858 442653524697976 4204884971377039024 n 1

315456737 442653421364653 5103780925046808960 n 1