නුවරඑළිය දිස්ත්‍රික්කයේ තලවකැලේ නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පරිපාලන කටයුතු සදහා විවෘත කිරීම ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.05.29 වන දින තලවකැලේ නගරයේ දී සිදුකෙරිණ .
කොටගල,තලවකැලේ,වටගොඩ,ලිඳුල,ඩයගම, ආගරපතන,බෝපත්තලාව, යන ප්‍රදේශවල ජනතාවට තම අවශ්‍යතා සඳහා නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණීමේදී විවිධ දුෂ්කරතාවයන් රාශියකට මුහුණ පෑමට සිදුවිය. එම ගැටළුවලට විසඳුමක් වශයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ හා සීමා නිර්ණය කමිටුවේ නිර්දේශයන්ට අනුව පරිපාලන පහසුව සදහා 2021.12 මාසයේ සිට තලවකැලේ උප කාර්යාලය පිහිටුවා තිබු අතර එය 2023.05.29 දින සිට නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ලෙස ස්ථාපනය කරන ලදී. නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයට අයත්ව තිබු ග්‍රාම සේවා වසම් 72 න් 34 ක් මෙයට අයත්ය.
මෙම විවෘත කිරීමේ උත්සවයට සදහා නුවරඑළීය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී මරදපාන්ඩී රාමේෂ්වරන් මහතා ඇතුළු මහජන නියෝජිතයින් සහ නුවරඑළිය දිස්ත්‍රීක් ලේකම් නන්දන ගලබඩ මහතා ඇතුළු රාජ්‍ය නිළධාරීන් ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව සිටියහ.


















