නුවරඑළිය දිස්ත්‍රික්කයේ තලවකැලේ සහ නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත තොරතුරු තාක්ෂණ උපකරණ සහ කාර්යාලීය ගෘහ භාණ්ඩ ලබාදීමේ වැඩසටහනක් පසුගිය දා නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් දිනිකා කවිසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ප්‍රධාන ශාලාවේදී පැවැත්විණ.
#usaid_srilanka ආයතනයේ SCORE ව්‍යාපෘතිය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර තලවකැලේ සහ නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල කාර්ය මණ්ඩල සඳහා සහජීවනය ගොඩනැගීමට සහ සේවා සැපයුම් වැඩිදියුණු කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ.
මෙයට සමගාමිව SCORE ව්‍යාපෘතිය මගින් අනුග්‍රහය දක්වන ලද උපදේශනය සහ මනෝචිකිත්සාව පිළිබඳ පුහුණුව සාර්ථකව අවසන් කළ රාජ්‍ය නිලධාරීන් පිරිසකට සහතිකපත්‍ර ලබා දීමද මෙහිදී සිදු කරන ලදී.
මෙම අවස්ථාවට SCORE හි ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලය සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වුහ.
නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය.



















