නුවරඑළිය-මහනුවර ප්‍රධාන මාර්ගය දෙපස පලතුරු පැල සිටුවීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් 2022-12-16 වන දින කොත්මලේ කටුකිතුල ප්‍රදේශයේදී පැවැත්විණ.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්තුමන්ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක "නුවරඑලියට වසන්තය වැඩසටහනේ" තවත් එක අදියරක් ලෙස මෙම පැල රෝපණය කිරීම සිදුවිය. සංචාරක ආකර්ෂණය වැඩි දියුණු කිරීම මුලික පරමාර්ථය කරගත් මෙම මාර්ග අලංකරණ ව්‍යාපෘතිය, කොත්මලේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් 17 ක් සහ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 2 ක් ආවරණය වන පරිදි ක්‍රියාවට නැංවේ. පේරාදෙණිය චෙන්කලඩි ඒ 05 මාර්ගයේ නුවරඑළිය දිස්ත්‍රික් පිවිසුම වන කොත්මලේ නව කඩදොර කළු පාලම අසල සිට නුවරඑළිය නගරය දක්වා මෙලෙස පලතුරු පැල සිටුවීමට සැලසුම් කර ඇත.
මෙම අවස්ථාවට කොත්මලේ ප්‍රාදේශීය ලේකම් නදීර ලක්මාල් මහතා, මෙම වැඩසටහනට පුර්ණ දායකත්වය සපයන මංගල ජයසිංහ මහතා සහ සිටිසන් බැංකුවේ කළමණාකාර අධ්යක්ෂ දිනේෂ් සිරිවර්ධන මහතා ඇතුළුව රාජ්‍ය නිලධාරීන්,ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගී වුහ.













