විදේශ රැකියා අපේක්ෂාවෙන් පසුවන තරුණ තරුණියන්ට රැකියා අවස්ථා හදුන්වාදීමේ වැඩසටහනක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.06.20 වන දින දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්විණ.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ශ් රීලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මධ්‍යම පළාත් කාර්යාලය මගින් මෙම විදේශ රැකියා පොළ සංවිධානය කර තිබු අතර ශ් රීලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ බලපත්‍රලාභී රැකියා නියෝජිත ආයතන 10ක් මෙම වැඩසටහන සමග සම්බන්ද විය.
මෙම වැඩසටහනට මධ්‍යම පළාත් විගමනික සම්පත් මධ්‍යස්ථානයේ කළමණාකාරතුමන්, රාජ්‍ය නිලධාරීන්, රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.


















