වෘත්තීය මාර්ගෝපදේශන සතියට සමගාමිව මිනිස්බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කළ තරග මාලාවේ නුවරඑළිය දිස්ත්‍රික් ජයග්‍රාහතයින් සඳහා සහතික පත් සහ ත්‍යාග පිරිනැමිම නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් ( පාලන) සුජීවා බෝධිමාන්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
ජාතික මට්ටමේ ජයග්‍රාහකයින් 03 ක්, ඇතුළුව දිස්ත්‍රික් මට්ටමේ ජයග්‍රහකයින් 29 දෙනකුට මෙහිදි සහතික පත් සහ ත්‍යාග පිරිනැමිම සිදුවිය.
ගෝලීය වශයෙන් තරඟකාරී, නිපුණතාවයන් සහ බහුවිධ දක්ෂතාවයන්ගෙන් යුත් ශ්‍රී ලාංකික ශ්‍රම බලකායක් ගොඩනැංවීම අරමුණු කර ගනිමින් මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව විසින් ඔක්තෝබර් මස 04 සිට 10 දක්වා මෙම වෘත්තීය මාර්ගෝපදේශන සතිය ක්‍රියාත්මක කරන ලදී.
මෙයට සමගාමිව පාසල් සහ විවෘත්ත අංශ යටතේ පද්‍ය රචනා, ගද්‍ය රචනා, චිත්‍ර, කථික, ප්‍රශ්න විචාරාත්මක තරග, බහුවිධ බුද්ධි පරීක්ෂණය, හැකියා ලැදියා පරීක්ෂණය, වෘත්තීය යතුර පරීක්ෂණය, ව්‍යවසායකයින් සදහා ව්‍යවසායකත්ව ගුණාංග පිළිබද පරීක්ෂණය ඇතුළු තරග සංවිධානය කර තිබිනි.
රට තුල පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් වැඩසටහන් මාර්ගගත ක්‍රමයට යටතේ පැවැති අතර මෙම වැඩසටහන් සදහා දීප ව්‍යාප්ත මට්ටමින් 40000ක පමණ පිරිසක් සහභාගි වූ අතර, නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සිසු දරු දැරියන් 700ක් පමණ සහභාගී විය.













