පුවත් සහ සිදුවීම්

නුවරඑළිය දිස්ත්‍රික්කය තුල ග්‍රාමීය මට්ටමින් ආහාර සංචිත 500 ඇති කිරීමේ වැඩසටහනට සමගාමිව හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආහාර සුරක්ෂිතතා වැඩසටහනේ සමාරම්භක උත්සවය සහ ආහාර සුරක්ෂිතතාගාරය විවෘත කිරිම නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (05) දා හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්විය.
දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ යෝජනාවක් මත ක්‍රියාත්මක මෙම වැඩසටහාන යටතේ දිස්ත්‍රිකකයේ සෑම ග්‍රාම සේවා වසමකම ආහාර සුරක්ෂිතාගාර ඇති කිරීමට නියමිතය.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් මෙහෙයවන මෙම වැඩාසටහන යටතේ වියළි ආහාර සංචිතයක්, කල්තබාගත හැකි ආහාර එකතුවක් බීජ,දඬු,පැළ හුවමාරුව කිරීම, ගෙවත්තක්, සතිපොළ, අඩු වියදම් පෝෂණීය ආහාර සැකසීම ඇතුලු කටයුතු සිදු කිරීමට නියමිතය.
මීට සමගාමීව ගැබිනි මව්වරුන් සහ අඩු ආදායම්ලාභීන් සදහා වියලි ආහර ද්‍රව්‍ය මලු බෙදා දීමේ වැඩසටහනක්ද සිදු විය.
මහා සංගරත්නයේ ආශිර්වාද මධ්‍යෙය් පැවැති මෙම අවස්ථාවට හගුරන්කෙත ප්‍රාදේශිය ලේකම් අයි.එම්. සේනානායක මහතා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටිහ.

292233495 351054523857877 7959982544030230156 n

292269432 351054363857893 7639659494631897899 n

292396368 351054403857889 1361938772888658928 n

292441391 351054480524548 2984924027422279258 n

292452659 351053763857953 8810575650318952231 n

292455109 351053683857961 2259624178221658409 n

292471968 351054300524566 1782528275053307163 n

292506846 351054360524560 5345495566479030365 n

292542960 351053860524610 5768624740175257603 n

292588381 351053787191284 2983249910702452280 n

292668730 351053630524633 6456537564256408288 n