නුවරඑළිය දිස්ත්රික්කයේ කෘතීම අත් සහ පාද අවශ්යතාවය ඇති දරුවන් 29 දෙනෙකු වෙනුවෙන් කෘතීම අත් සහ පාද ලබා දීමේ වැඩසටහනක් 2024.06.27 වන දින නුවරඑළිය දිස්ත්රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්රධානත්වයෙන් දිස්ත්රික් ලේකම් කාර්යාල පරිශ්රයේදී පැවැත්විණ.
නුවරඑළිය දිස්ත්රික් සමාජ සේවා ඒකකයේ මෙහෙයවීම යටතේ මෙම වැඩසටහන සංවිධානය කර තිබූ අතර දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස අතරින් තෝරාගත් දරුවන් වෙනුවෙන් මෙම කෘතීම අත් සහ පාද ලබාදීම සිදුකරන ලදී.
මහනුවර කුණ්ඩසාලේ ප්රදේශයේ පිහිටි Centre for the Handicapped ආයතනය මගින් අබාධිත දරුවන් වෙනුවෙන් මෙම උපකරණ ලබාදීම සිදුකරන ලද අතර ඒ සදහා CAL FOUNDATION මුල්ය මය දායකත්වය සපයන ලදී. . නුවරඑළිය දිස්ත්රික් ලේකම්තුමන්ගේ මගපෙන්වීම මත නුවරඑළිය දිස්ත්රික් සමාජ සේවා ඒකකය සහ T-Field ආයතනය මෙම වැඩසටහන සම්බන්ධීකරණ කටයුතු සිදුකරණ ලදී.
නුවරඑළිය දිස්ත්රික් මාධ්ය ඒකකය
















