ජූලි මස 01 දිනට යෙදෙන රාජ්‍ය භාෂා දිනය සහ භාෂා සතිය සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමේ වැඩසටහනක් 2024/07/01 දින සවස 02.00ට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආශ්චර්ය ශාලාවේ පැවැත්විණ.
ජාතික භාෂා දිනය හා සතිය සෑම වසරකම ජූලි 01 සිට 05 දක්වා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක රාජ්‍ය භාෂා 2019/01 මගින් ප්‍රකාශයට පත් කර ඇත.
මෙම අවස්ථාවට නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් දිනිකා කවිසේකර මහත්මිය, මාණ්ඩලික නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වුහ
නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය


















