ප්‍රජා ශක්ති ජාතික ව්‍යාපාරය සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රික් දැනුවත් කිරීමේ වැඩසටහන අද (03) දින පෙරවරුවේ නුවරඑළිය නගර ශාලාවේ දි පැවැත්විණි.
මෙහිදී ප්‍රජා ශක්ති ජාතික ව්‍යාපාරයේ අරමුණු, එය ඉදිරියේදී ක්‍රියාත්මක වන ආකාරය, ග්‍රාමීය මට්ටමේ සංවර්ධන ව්‍යාපෘති හඳුනා ගැනීම, ව්‍යාපෘතිය වාර්තාවන් සකස් කිරීම හා එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මගින් ග්‍රාමීය දිළිඳු භාවය තුරන් කරන ආකාරය පිළිබඳව දැනුම්වත් කරන ලදී.
මෙම අවස්ථාවට ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න , නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් විජේරත්න මහතා සහ අනුෂ්කා තිලකරත්න මහත්මිය ඇතුළු දේශපාලන අධිකාරිය ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශ ලේකම් සම්පත් මන්ත්‍රීනායක, හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ගුණරත්න, අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් හා ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ නිලධාරීන් හා ප්‍රජා සවිබල ගැන්වීමේ ජාතික ව්‍යාපාරයට සම්බන්ධ නිලධාරීන් පිරිසක් සහභාගි වුහ.

























