වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්‍රථම ආහාර සුරක්ෂිතාගාරය විවෘත කිරීම සහ ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීමේ වැඩසටහන පසුගිය (30) දා කන්දෙයාය වසම කේන්ද්‍ර කරගනිමින් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම වැඩසටහන යටතේ "ගැමි මිතුරු" කාන්තා කෘෂි සංවිධානය හරහා කොල්ලු, කහට , බඩ ඉරිඟු, කුරක්කන්, කහ වැනි ප්‍රදේශයේ බහුලව පවතින ආහාර ද්‍රව්‍ය රාජ්‍ය නොවන සංවිධානයක් විසින් ලබා දී ඇති ඇඹරුම් යන්ත්‍ර මගින් කුඩුකර ද්විතීක නිෂ්පාදන ලෙස කල්තබාගත හැකි ආකාරයෙන් ඇසුරුම් කර ආහාර සංචිතයක් පවත්වාගෙන යාම සහ කෘෂිකර්ම දෙපාර්තමෙන්තුවෙන් ලබා දී ඇති ආහාර වියලන යන්ත්‍රය උපයෝගී කර ගනිමින් කහට,කොස් වැනි ආහාර බහුලව පවතින කාලවල එම අස්වැන්න වියලා ඇසුරුම් කර කල්තබා ගැනීම සඳහා වන කාර්යයන් ද මෙම වැඩසටහන යටතේ ආරම්භ කර තිබේ.
මෙහි අතිරික්ත නිෂ්පාදන "Taste of village Walapane නමින් දිස්ත්‍රික්කය තුලත් දිස්ත්‍රික්කයෙන් පිටතටත් අලෙවි කිරීමට කටයුතු කරමින් පවතී.
මෙයට අමතරව දේශීය ආහාර ප්‍රවර්ධනය අරමුණින් ප්‍රදේශයේ පවතින දේශීය බෝග වල අතිරික්ත බීජ සහ පැළ හුවමාරු මධ්‍යස්ථානයක් වශයෙන්ද මෙම ස්ථානය යොදා ගත හැකි වන අයුරින් අදාළ සියලු කටයුතු සකස් කර ඇති අතර, මෙහිදී ගොවීන් සතුව පවතින අතිරික්ත බීජ හා පැළ පිළිබඳ දත්ත පද්ධතියක් සකස් කර ඇති අතර ගොවීන්ට අවශ්‍ය බීජ හා පැළ ඒ හරහා හුවමාරු කර ගැනීමට අවස්ථාව සලසා තිබේ.
මෙම වැඩසටහනට සමගාමිව මෙහි පවත්නා අක්කර 1 පමණ රජයේ ඉඩමක පාරම්පරික මඤ්ඤොක්කා සහ බතල වැනි අල බෝග සදහා ප්‍රමුඛත්වය ලබා දෙමින් වගා කිරීම ආරම්භ කිරීමද මෙහිදි සිදුවු අතර රාජ්‍ය නොවන සංවිධාන ආධාර මත , කන්දේ යාය පරණ පාසල් ගොඩනැගිල්ලෙහි බිම්මල් වගාවක් ආරම්භ කිරීමට ද සැලසුම් කෙරින.
තවද අතිරික්ත එලවලු නිශ්පාදන හුවමාරු සඳහා සති පොලක් පවත්වන ලදි .
මෙම අවස්ථාව සඳහා සහකාර දිස්ත්‍රික් ලේකම් සහ වැඩ බලන වලපනේ ප්‍රාදේශීය ලේකම් ශාලිකා ලිදකුඔුර මහත්මිය ඇතුළු විශාල පිරිසක් එක්ව සිටිහ.












