2025.02 මාසයට අදාලව නුවරඑළිය දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව දිස්ත්‍රික් ලේකම් තුෂාරී තෙන්නකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2025.02.20 දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ආශ්චර්ය ශාලාවේදී පැවැත්විණ.
දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තයට අදාල තීන්දු තීරණ රැසක් මෙම කමිටුවේදී ගනු ලැබිය. අභිනවයෙන් පත්වූ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්තුමිය කෘෂිකර්ම කමිටුව ඇමතු අතර දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම ක්ෂේත්රයේ දියුණුවට අදාල උපරිම සහයෝගය ලබා දෙන බව එතුමිය ප්‍රකාශ කලාය. නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිල තීරණය කිරීමේ ගැටළුව සම්බන්ධයෙන් ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරු සහ ගොවි සංවිධාන නියෝජිතයින් අදහස් ප්‍රකාශ කල අතර මිල තීරණය කිරීම සදහා කමිටුවක අවශ්‍යතාවය දිස්ත්‍රික් ලේකම්තුමිය පෙන්වා දෙන ලද අතර එම කමිටුව ඉක්මනින් පත්කරන බවද ඇය කියා සිටියාය.
දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තයට සම්බන්ධ ආයතන වල ප්‍රගති සමාලෝචන කටයුතු මෙහිදී සිදුකල අතර කෘෂිකර්ම කමිටුවට ලැබී ඇති ලිපි පිලිබදව සාකච්ඡා කිරීමද සිදුවිය.
මෙම රැස්වීම සඳහා නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් දිනිකා කවිසේකර මහත්මිය (පාලන), අතිරේක දිස්ත්‍රික් ලේකම් ශාලිකා ලිදකුඹුර (ඉඩම්) දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂකතුමන්, දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තයට අදාල රාජ්‍ය නිලධාරින් හා සියළු ගොවි ජන සේවා මධ්‍යස්ථාන නියෝජනය කරමින් ගොවි සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වුහ.
















