පුවත් සහ සිදුවීම්

ග්‍රාම නිලධාරී කාර්යාල කළමනාකරණ තරගයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ජයග්‍රහණ හිමිකරගත් ග්‍රාම නිලධාරීන් ඇගයීමට ලක් කරමින් සහතිකපත් සහ තිළිණ ප්‍රදානෝත්සවය නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතගේ ප්‍රධානත්වයෙන් අද (12) දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ආශ්චර්ය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙහිදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 05 හි ග්‍රාම නිලධාරී වසම් 491 අතුරින් කාර්යාල නිසියාකාරයෙන් පවත්වාගෙන යාම , ජනතාව වෙනුවෙන් සේවාවන් ඉටුකිරීමේ නිසි ක්‍රමවේදයන් අනුගමනය කිරීම වැනි නිර්ණායක කිහිපයක් යටතේ හඳුනාගත් ග්‍රාම නිලධාරීන් 15 දෙනෙකු ඇගයීමට පාත්‍ර වූහ.
සමස්ත දිස්ත්‍රික්කයේ පලමු, දෙවන සහ තෙවන ස්ථාන තුනම වලපනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරින් දිනාගැනිම විශේෂිතය.
සමස්ත දිස්ත්‍රික්කයේ පලමු ස්ථානය සෙන්මාග්‍රාට් 533 /K ග්‍රාම සේවා වසමේ ඩි.ජි.ඩි.එච්. නිරංජලා මහත්මියට හිමිවිය.
දෙවන ස්ථානය රාගලවත්ත 533 /N ග්‍රාම සේවා වසමේ එම්.රවින්ද්‍ර රාජා මහතා හිමිකරගත් අතර
තෙවන ස්ථාන උකුතලේ නැගෙනහිර 507 /A ග්‍රාම සේවා වසමේ ඩබ්.එම්.ජි.එම්.වික්‍රමසිංහ මහතාට හිමිවිය.
මෙයට අමතරව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 5 හි ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථානයන් හිමිකරගත් ග්‍රම නිලධාරීන් සහ පරිපාලන ග්‍රාම නිලධාරින්ද ඇගයිමට ලක් කලහ.
මෙම අවස්තාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් සුජිවා ‌‌බෝධිමාන්න, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) විජිතා මයාදුන්න මහත්මින් සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලීක නිලධාරින්, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ පරිපාලන ග්‍රාම නිලධාරීවරුන් ඇතුළු පිරික් එක්ව සිටියහ.

270612834 229297079366956 5529634460240968444 n

271744070 229298492700148 2763284371020680606 n 270131495 229298049366859 1916973856466682123 n

270046575 229298199366844 1391641668786915324 n 270222880 229298139366850 6707467241887083476 n

270382519 229298322700165 4220842853569398284 n 271756363 229298422700155 7991654415300287706 n

271744070 229298492700148 2763284371020680606 n 271670728 229298576033473 7384036787347260370 n