පුවත් සහ සිදුවීම්

වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුඩා සහ මධ්‍ය පරිමාණ
ව්‍යවසායකයන්ගේ නිෂ්පාදනය අලෙවි කිරීම සඳහා සංවිධානය කල අලෙවි පොලක් පසු ගිය දා
වලපනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි
වලපනේ ප්‍රාදේශීය ලේකම් සහ නුවරඑළිය සහකාර දිස්ත්‍රික් ලේකම් ශාලිකා ලිදකුඹුර මහත්මියගේ උපදෙස් පරිදි කාර්යාලිය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් මෙය සංවිධානය කර තිබුණි.
විදාතා සම්පත් මධ්‍යස්ථානය, සමෘද්ධි අංශය, නිල්දණ්ඩාහින්න ගොවිජන සේවා මධ්‍යස්ථානය ඒකාබද්ධ කර ගනිමින් සංවිධානය කළ මෙම අලෙවි පොළ වෙත ව්‍යවසායකයන් රැසක් එක්ව සිටියහ.
එහිදී ඇඟලුම් නිෂ්පාදන, බතික් නිෂ්පාදන, විසිතුරු භාණ්ඩ,ආහාරපාන,එළවළු හා පලතුරු සහන මිලට අලෙවි කිරීම සිදුවිය.
එසේම අලෙවි පොළ සඳහා සහභාගි වූ අය සඳහා ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අරමුණින් බීජ පැකැට්ටුවක් නොමිලේ ලබා දීම සිදු විය.
මෙම අවස්ථාවට වලපනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

300397172 386564980306831 48725183525907810 n

300428909 386564736973522 6434555265218822532 n

300832965 386564953640167 1060744704552776256 n

301397400 386564940306835 2190661790629046378 n

301780045 386565000306829 1167153648955151307 n

302184724 386564923640170 4247691984809221691 n

302553600 386564913640171 2531727507100099571 n