පුවත් සහ සිදුවීම්

×

පණිවුඩය

Invalid Page Request

නුවරඑළිය දිස්ත්‍රික් රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකරණ කමිටු රැස්වීම,රාජ්‍ය නොවන සංවිධාන ජාතික මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජීව විමලගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2023/08/16 වන දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ආශ්චර්ය ශාලාවේදී පැවැත්විණ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන වල 2023වර්ෂයේ දෙවන කාර්තුවේ ප්‍රගතිය සොයා බැලීම සහ 2023වර්ෂයේ දැනට ක්‍රියාත්මක සහ ඉදිරියේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන් පිළිබදව සාකච්ඡා කිරීම මෙම රැස්වීමේදී මූලිකවම සිදුකෙරිණ. මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්.පී.කේ බෝධිමාන්න මහත්මිය, රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකාරක නිලංග මංජු ශ්‍රී මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහ රාජ්‍ය නොවන සංවිධාන වල නියෝජිතයන් පිරිසක් සහභාගී වුහ.

 

367720180 608021098161217 2105254141303583745 n367036728 608021108161216 7440284409442495021 n367981560 608021208161206 7222518367140327435 n368194986 608021448161182 6519156474726484704 n368246498 608021598161167 2300598822300408842 n368268459 608021198161207 2503537899497591031 n