“පොහොසත් රටක් - ලස්සන ජිවිතයක් ” යන තේමාව ප්‍රමුඛය කර ගනිමින් සහ ජගත් පරිසර දිනයට සමගාමීව ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයම ආවරනය වන පරිදි විවිධ වැඩසටහන් සංවිධානය කර තිබිණි.
නුවරඑළිය ග්‍රෙගරි වැව පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩ සටහනක් පැවැති අතර එයට සමගාමිව රුක් රෝපන වැඩසටහනක්ද සන්විධානය කර තිබුණි.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුලු දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතනවල පිරිසිදු කිරීමේ වැඩසටහන් සහ රුක් රෝපන වැඩ සටහන් ද පරිසර දිනය යෙදුනු ජූනි 05 දින සංවිධානය තිබුණි.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පරිසර දින පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහන දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වු අතර ඒ සදහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සියලු නිලධාරින් එක්ව සිටිහ.











