පුවත් සහ සිදුවීම්

ජනතාවට බෙදා දීමට ලැබුණු රජයේ (අස්වැසුම) ආධාර මුදල් ලක්ෂ 30 කට ආසන්න ප්‍රමාණයක් වංචා සහගතව තමන්ගේ සහ ඥාතීන්ගේ ගිණුම් වලට දාමාගත් නෝවුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙ නිලධාරිනියන් දෙදෙනකු සැකපිට පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය පැවසීය.

දිස්ත්‍රික් ලේකම්වරිය සදහන් කලේ නිර්නාමිකව ලැබුණු පෙත්සමක් පිළිබඳව අභ්‍යන්තරව සිදු කල පරික්ෂණවල ප්‍රතිඵලයක් ලෙස මෙම පිරිසට අදාල නීති ක්‍රියාත්මක කරන ලෙස හැටන් ජේෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයට ඊයේ (31) දින ප්‍රාදේශීය ලේකම් කල පැමිණිල්ලට අනුව මෙම අත් අඩංගුවට ගැනීම සිදුවු බවය.

2024 වර්ෂයේ දිළිඳු ජනතාවට පළමු අධියරේ ලබා දුන් (අස්වැසුම) ආධාර මුදල්වල හිග වාරික ගෙවිම සදහා ලැබුණු මුදල් මෙලෙස අදාල විෂය පිළිබඳව කටයුතු කල නෝවුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙ කළමනාකරණ සහකාර නිලධාරිනිය සහ වැවිලි ප්‍රජා සංනිවේදන සහකාර නිලධාරිනිය තමන්ගෙ හා ඥාතීන්ගේ ගිණුම් වලට දාමාගන ඇති බව අභ්‍යන්තරව සිදු කල පරික්ෂණවල දි හෙලිවි තිබේ.

අදාළ වංචාව සම්බන්ධ ඉදිරි විමර්ශන කටයුතු සුබසාධක මංඩලය විගණන ඒකකය සහ පොලිසිය මගින් සිදු කිරිමට නියමිතය.

760444352 4553665908202419 7002975023183418445 n