
ග්‍රාමිය ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා රජය හදුන්වා දුන් “සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන” වැඩසටහනින් උපරීම ප්‍රයෝජන ගැනීමට නම් ව්‍යාපාරිකයින් ලෙස නෙව අගය ඒකතුකල නිෂ්පාදන සිදුකරන ව්‍යවසායකයින් ලෙස ඔබ සැම පත්විය යුතු බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පැවසීය.
දිවයින පුරා ගම්මාන 500 ක් “සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන” ලෙස සංවර්ධනය කිරීමේ වැඩසටහනට සමගාමිව වලපනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ මුල් වටයේ තොරාගත් ගම්මාන තුනක වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවන්ට ඊයේ (07) දින එක්වෙමින් දිස්ත්‍රික් ලේකම්වරයා මෙම අදහස් පැවසීය.
ඒ අනුව වලපනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ගල්කඩ පතන, මයිලගස් තැන්න සහ ගලබඩ යන ග්‍රාමසේවා වසම් වල “සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන” වැඩසට ආරම්භ කිරීම සිදුවිය.
ගල්කඩ පතන ග්‍රාමසේවා වසම සඳහා කොපි, ඇන්තුරියම් මල් සහ කුකුළු පාලන ව්‍යාපෘති ආරම්භ කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 3.8 ක් ද, මයිලගස් තැන්න ග්‍රාමසේවා වසම සඳහා වැසි ජල ටැංකි 20 ක් සමග අඹ සහ කොමාරිකා වගා ව්‍යාපෘති ආරම්භ කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 2.7 ක් සහ ගලබඩ ග්‍රාමසේවා වසමේ කොපි වගා ව්‍යාපෘතියක් ක්‍රියාවට නැන්වීම වෙනුවෙන් රුපියල් මිලියන 4.9 ක් ද වන ලෙස රජය මගින් ප්‍රතිපාදන වෙන්කර ඇත.
මෙම අවස්ථාවන් සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර සම්බන්ධිකරණ ලේකම් එස්.බි. රත්නායක, වලපනේ ප්‍රාදේශිය ලේකම් ආර්.ඒ්. විජේසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටිහ.























